Thursday, April 18, 2024

General line - 0115112241

චීනයට එරෙහිව ලොව ප්‍රබල රටවල් 3 ක් නැගී සිටී




අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්ව විශේෂ ආරක්‍ෂක ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ, ඉහළ පෙළේ ආරක්‍ෂක තාක්‍ෂණික පහසුකම් හුවමාරු කර ගැනීමටද හැකි වන පරිදියි. 

මේ අනුව ඕස්ට්‍රේලියාවට අලුතින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන නිෂ්පාදනය කිරීමට අවස්ථාව උදාවනු ඇති බවයි විදෙස් මාධ්‍යයේ වාර්තා වන්නේ. 

එසේ සිදුවුවහොත්  ඕස්ට්‍රේලියාවට එම අවස්ථාව හිමිවන පළමු අවස්ථාව මෙය වනවා. 

මෙම ආරක්‍ෂක ගිවිසුම අවුකස් ලෙස නම් කර ඇති අතර එමගින් කෘතීම බුද්ධිය, ක්වොන්ටම් තාක්‍ෂණය හා සයිබර් අවකාශය ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

විදෙස් විචාරකයින් පවසන්නේ  ඕස්ට්‍රේලියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව ප්‍රකාශයට පත් කළ නව ආරක්‍ෂක ගිවිසුම චීනයට අනතුරු ඇඟවීමේ උත්සාහයක් විය හැකි බවටයි. 

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඉන්දු - පැසිෆික් කලාපයේ වර්ධනය වන චීන බලය සහ හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙම රටවල්  අප්‍රසාදයෙන් පසුවීමයි.