Thursday, April 25, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් පාලකයින් අතර ගැටුමට ප්‍රතිචාර




ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් පාලකයින් අතර ගැටුම් හටගෙන ඇති බවට පළ වන වාර්තාවලට තලෙයිබාන් සංවිධානය අද ප්‍රතිචාර දැක්වූවා. 

ඇෆ්ගනිස්ථානයේ වැඩබලන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මුල්ලා අබ්දුල් ගානි පවසන්නේ එම වාර්තා සියල්ල ප්‍රතික්‍ෂේප කරන බවයි.

ප්‍රතිවාදී කණ්ඩායමක් සමග ඇති වූ ගැටුමකින් ඔහුද තුවාල ලබා ඇති බවටයි ඊයේ මාධ්‍ය වාර්තා පළ වුණේ. කෙසේවෙතත් එවැනි ගැටුමක් සිදු නොවූ බව වැඩබලන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා තහවුරු කර තිබෙනවා. 

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තලෙයිබාන් සංවිධානයේ ඉදිරි පෙළේ නායකයින් ඉකුත් දින කිහිපයේ දක්නට නොලැබුණු බවයි. 

තමන් කාබුල් අගනුවරින් බැහැරව සිටි බවත් පළවු අසත්‍ය ප්‍රචාරයන්ට ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වූයේ අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත් පරිදි නොතිබූ නිසා බවත් ඇෆ්ගනිස්ථානයේ වැඩබලන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මුල්ලා අබ්දුල් ගානි වැඩිදුරටත් පවසා තිබෙනවා.