Friday, April 26, 2024

General line - 0115112241

රට විවෘත කරනවාද? නැද්ද? නිර්දේශ ජනපතිට




රට ඉදිරියේදී විවෘත කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන දත්ත සැලකිල්ලට ගෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 

ඔහු කියාසිටියේ රට විවෘත කරන්නේ නම් ඒ සදහා පැනවිය යුතු සීමා මොනවා දැයි නිර්දේශ කිරීමට කණ්ඩායමක්ද පත් කළ බවයි. 

අදාළ නිර්දේශ හෙට දිනයේ පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමට ඉදිරිපත් කරන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

එන්නත්කරණ වැඩසටහන ඉදිරියේදී දීපව්‍යාප්ත මට්ටමින් තවදුරටත් පැවැත්වීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඊයේ දිනයේදී පුද්ගලයින් එක් ලක්‍ෂ 13,013 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී තිබෙනවා. එන්නත් ලබාදීම අද දිනයේද ක්‍රියාත්මකයි.