Wednesday, April 24, 2024

General line - 0115112241

විස්සයි විස්ස ලෝක කුසලානයට අමතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 ක්




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට අමතරව තවත් ක්‍රීඩකයින් පස් දෙනෙකු ඩුබායි වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ මේ වන විට ඒ සදහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 19 දෙනාගෙන් යම් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් ඊට ආදේශ කිරීම සදහායි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් එම ක්‍රීඩකයින් පස් දෙනා ඩුබායි වෙත රැගෙන යාමටයි අවධානය යොමුවී ඇත්තේ. මිනෝද් භානුක, පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස් සහ ලක්ෂාන් සඳකැන් අමතර ක්‍රීඩකයින් ලෙස ඩුබායි වෙත රැගෙන යාමට නියමිතව ඇතැයි වාර්තා වනවා. 

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ලහිරු මධුසංඛ ආබාධයකට ලක්වූ අතර ඔහු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරන ක්‍රීඩකයා මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. 

ආබාධයක් ලක් වූ කුසල් ජනිත් පෙරේරා ඕමානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේදී විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර ඔහු විස්ස විස්ස ලෝක කුසලානය සදහා එක්වීමට නියමිතව තිබෙනවා. ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පන්දුවාර විස්ස තරග 2ක ඔක්තෝමර්  7 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිතයි. පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 17 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.