Thursday, April 25, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තාන කාන්තා කටයුතු අමාත්‍යාංශය කාන්තාවන්ට තහනම්




තලේබාන් පාලකයන් විසින් ඇෆ්ගනිස්තානයේ කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ කාන්තාවන්ට ඊට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

ස්පුටිනික් පුවත් සේවය වාර්තා කළේ, කාබුල්හි පිහිටි ඇෆ්ගනිස්තාන කාන්තා කටයුතු අමාත්‍යාංශයට ඇතුලුවීමට අවසර ලබාදී ඇත්තේ එහි පිරිමි සේවකයන්ට පමණක් බවයි.

කාන්තාවන්ට, කාන්තා කටයුතු අමාත්‍යාංශය පවා අහිමි කර ඇති මෙම තත්වයට එරෙහිව උද්ඝෝෂණය කරන  එම කාන්තාවන් පවසා තිබුණා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය අල්ලා ගැනීමට පෙර සහ බලයට පත්වූ විගස සදහන් කළේ, තමන් කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

එහෙත් අන්තර්ජාතික සංවිධාන මෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන්ගේ පසුගිය පාලන සමයේ මෙන් කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස සීමා කිරීමේ තත්වයක් වර්ධනය වෙමින් ඇති බවයි.

රැකියා,අධ්‍යාපනය, මෙන්ම සමාජයේ නිදහසේ ජීවත්වීමේ අයිතියද ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට අහිමිවෙමින් යන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළා.