Friday, April 19, 2024

General line - 0115112241

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර ගැන තවත් අනාවරණයක්




වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ඉකුත් දිනවල ඇති වූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. එම බන්ධනාගාරවල ඉකුත් දිනවල සිදුවූ සිද්ධීන්වලට අදාළ සී සී ටී වී දර්ශන ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමට ඇතැම් පාර්ශව ද උත්සාහ දරමින් සිටිනවා. 

එහෙත් නෙත් නිවුස් කළ සොය බැලීමකදී අනාවරණ වුණේ වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවල සී සී ටී වී කැමරා මෙතෙක් සවිකර නොමැති බවයි. කොළඹ බන්ධනාගාර පරිශ්‍රයේ වැලිකඩ බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල, කාන්තා බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ මැගසින් බන්ධනාගාරය ස්ථාපිතයි. 

මේ වනවිට එම බන්ධනාගාරවල සී සී ටී වී කැමරා සවිකිරීමට අදාළ මූලික කටයුතු සිදුකරමින් පවතිනවා. එම කටයුතු අවසන් කිරීමට තවත් මාස 3 ක පමණ කාලයක් ගතවනු ඇති බවටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම අනුරාධපුර බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා සවි කිරීමට මෙතෙක් තීරණය කර  නැහැ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමත්ව ගිනි අවියක් ද රැගෙන වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළුවී රැදවියන් පිරිසකට තර්ජනය කළ බවට ඉකුත්දා විවිධ වාර්තා පළ වුණා. 

නෙත් නිවුස් අද උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැවසුවේ එම වාර්තා තමන් ප්‍රතික්‍ෂේප කරන බවයි.  තමාට එරෙහිව බන්ධනාගාරය තුළින්ම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

කෙසේවෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා ඒ සදහා පත් කළ බන්ධනාගාර කොමසාරිස්වරයා පළමුව අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැදවියන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.