Friday, April 19, 2024

General line - 0115112241

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට තීරණය කරයි




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. අමෙරිකා හා මෙක්සිකෝ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ භාර ගන්නා ලෙසට තමන්ට ලැබුණු ආරාධනවාකට අනුව මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර තමන්ට එල්ලකළ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට එරෙහිව  පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. අමාත්‍යවරයා විසින් දේශපාලන හිතවතෙකු පාදුක්ක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස පත්  කර ඇති බවට මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඊයේ ප්‍රකාශ කළා. 

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

තමන්ට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මේ වන විටත් අදාල පාර්ශවයන් දැනුවත් කළ බවත් මන්ත්‍රීවරයාට එරෙහිව පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.