Friday, March 29, 2024

General line - 0115112241

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූවත් අදත් මත්පැන් අලෙවිසැල් අරී

ටී කේ මහින්ද / ජූඩ් සමන්ත / රංජිත් රාජපක්ෂ




නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසනවා. බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී නිසි අවසරයකින් තොරව ගමන් කළ පුද්ගලයින් 1,418 දෙනෙකු ආපසු හරවා යැවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 613 දෙනෙකුද ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද බොහෝ ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් මෙන්ම වෙළදසැල් විවෘත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ප්‍රධාන නගරවලද අද පෙරවරුවේ සිටම බොහෝ වෙළදසැල් විවෘතව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළේ. 

පුත්තලම දිස්ත්‍රික්කයේ තොරතුරු සොයා බැලුවා නෙත් නිවුස් වාර්තාකරු ජුඩ් සමන්ත.

මාතර දිස්ත්‍රික්කයේද මත්පැනි අලෙවිසැල් මෙන්ම ඇතැම් වෙළද සැල්ද විවෘත කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද සඳහන් කළේ.