Friday, March 29, 2024

General line - 0115112241

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂකවරයෙකුත් ඉල්ලා අස්වීමේ සුදානමක




පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. දේශපාලන බලපෑම් හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ. සුදුළුෑනු බහාලුම් දෙකක් නීති විරෝධීව පිට කිරීම ඇතුළු සිදුවූ වංචා කිහිපයක් සම්බන්ධයෙන් ඔහු විසින් හෙළිකර තිබුණා. 

ඉන් අනතුරුව සුදු ලූනු කිලෝ ග්‍රෑම් 54,000කින් යුත් බහාලුම් දෙකක් නීතිවිරෝධී ලෙස මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊට අමතරව කිරිපිටි හා සිමෙන්ති සමාගම් සමග පාරිභෝගික අධිකාරිය ගිවිසුමකට එළඹෙන ලෙසට පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් වූ යෝජනාවකට ද තුෂාන් ගුණවර්ධන සිය විරෝධය පළ කර තිබුණා.