Thursday, April 18, 2024

General line - 0115112241

ගොවියාට එරෙහි කුමන්ත්‍රණයක් ගැන අනාවරණයක්

ශානිකා ලක්මාලි




මෙරට ගොවියා විනාශ කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක වත්මන් රජය නිරතව ඇති බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අනුරාධුපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා. 

චීනයෙන් ආනයන කිරීමට නියමිත කාබනික පොහොර සම්පලවල තිබී මෙරට වගාවන්ට අහිතකර ක්‍ෂුද්‍ර ජීවි විශේෂයක් හමු වූ බව ඉකුත්දා අනාවරණ වුණා. මෙරටට ආනයනය කිරීමට අපේක්‍ෂිත පොහොර තොගය සම්බන්ධයෙන්ද සැක මතු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ.

චීනයෙන් ආනයන කිරීමට නියමිත කාබනික පොහොර සම්පලවල තිබී මෙරට වගාවන්ට අහිතකර ක්‍ෂුද්‍ර ජීවි විශේෂයක් හමුවීම සහ මෙරට කාබනික පොහොර භාවිතයට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

කෙසේවෙතත් කාෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර මෙරටට ආනයනය කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.