Tuesday, March 19, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් රේඩියෝව යළිත් සම්මානනීය වෙයි




මෙරට රේඩියෝව රසිකත්වයට නිරන්තරයෙන්ම උසස් රස වින්දනයකට මංපෙත් විවර කරන නෙත් එෆ් එම් රේඩියෝව ඒ කර්තව්‍ය වෙනුවෙන් අද සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ, අද පස්වරුවේ පැවති 2020 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළලේදීයි.

එහිදී පළමු සම්මානය හිමි වුණේ ප්‍රශස්ථ නිර්මාණශීලි රේඩියෝ වෙළද දැන්වීම සදහායි. එම සම්මානය නෙත් එෆ් එම් නිෂ්පාදන අංශයේ හර්ෂ කුමාරට හිමි වුණා. දෙවන සම්මානය ප්‍රශස්ථ රේඩියෝ ළමා නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් පුංචි උදෑසන වැඩසටහනට හිමි වූ අතර එම සම්මානය දිනා ගත්තේ වැඩසටහන් අංශයේ කසුනි නානායක්කාරයි. 

ප්‍රශස්ථ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකා සම්මානය ද හිමි වූයේ නෙත් එෆ් එම් රේඩියෝවටයි. එය වැඩසටහන් අංශයේ දුල්මිණි මහේෂිට හිමි වුණා.

සම්මාන උළලේදී ප්‍රශ්සථ නාද ශික්‍ෂණයට හිමි කුසලතා සම්මානයද නෙත් එෆ් එම් රේඩියෝවට හිමි වුණේ පුංචි උදැසන වැඩසටහන වෙනුවෙන්. 

මෙරට රේඩියෝ නාලිකාවල ප්‍රශස්ථ නිර්මාන අගයමින් සෑම වසරකම පැවැත් වෙන ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළ ආරම්භ වූ දින සිට මේ දක්වා පැවති සෑම සම්මාන උලෙළකදීම නෙත් එෆ් එම් රේඩියෝව සම්මානනීය වුණා.