Thursday, April 25, 2024

General line - 0115112241

ගෑස් ගැටළු ගැන කථා කරන්න සියලු පාර්ශව පාර්ලිමේන්තුවට කැඳවයි




ගෑස් සම්බන්ධයෙන් මේවනවිට මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් හෙට උදැසන 09 ට කැඳවා තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා.

කථානායකවරයා මේ බව කියා සිටියේ ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඇතිවූ සංවාදයේදීයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්නයක් යොමු කිරීමත් සමග එම සංවාදය ඇතිවුණා.

ඊට පිළිතුරු ලබාදුන්නේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නයි. ගැස් ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ද එම සංවාදයට එක්වුණා.

ඉන් අනතුරුව නැගී සිටි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ උපදේශක කාරක සභාව රැස්කරන ලෙසයි.

මේ අතර සභාවේ මතුවන ගැටළු සඳහා පිළිතුරු ලබාදීමට අමාත්‍යවරුන් නොමැතිවීම පිළිබඳ කණගාටු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී සඳහන් කළා.