Thursday, April 18, 2024

General line - 0115112241

ලබා ගන්නා ණය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ඇතිවිය හැකි තත්ත්වය




රජය ලබාගන්නා ණය මුදල් සැලසුම් සහගතව යොදා නොගතහොත් රට තවත් ආර්ථික පරිහානියකට ලක්විය හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් කළමණාකාර ලක්විජය බණ්ඩාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහන එක්වෙමින්.

පවතින තත්ත්වය හමුවේ රජයේ ව්‍යාපෘති විවෘත කිරීමේ අවස්ථාවන්වලට මේ මොහොතේ විශාල මුදලක් වැය කිරීම සිදුනොකළ යුතු බවයි එම වැඩසටහනට එක් වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් කළමණාකාර - නීති උපදෙස්, අංජනා වික්‍රමාරච්චි පැවසුවේ.