Saturday, April 20, 2024

General line - 0115112241

වරාය නගරය ඉදිකළ චීන සමාගමකින් ලක් රජයට මුදල් නොගෙවීමක්




කොළඹ වරාය නගරය ඉදිකිරීමට යොදා ගත් ගල් සහ වැලි සඳහා ශ්‍රී ලංකා රජයට අයවිය යුතු මුදල් අදාළ චීන ඉදිකිරීම් සමාගම විසින් මේවනවිටත් ගෙවා නොමැති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එම මුදල ගෙවූ බවට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ ලේඛණවල කූඨ ලෙස සටහන් කර ඇති බවයි. 

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්.