Friday, March 29, 2024

General line - 0115112241

එන්නත නොගත් අයට යුරෝපයෙන් ලක්ෂ 08 ක දඩයක්




එන්නත ලබාගැනීම අනිවාර්‍ය කරන පළමු යුරෝපා රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබෙනවා. ඒ, එරට රජයේ යෝජනාවට පාර්ලිමේන්තු පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමඟයි. ඒ අනුව පෙබරවාරි පළමු වනදා සිට ඔස්ට්‍රියාව එන්නත්කරණය අනිවාර්‍යය කරනු ඇති. 

එන්නත ලබානොගන්නා පුද්ගලයින්ට රුපියල් ලක්ෂ 8 කට අධික දඩයක් පනවනු ඇති බවටයි වාර්තා වන්නේ. මාර්තු මස මැද සිට එම නීතිය පළමුවෙන් බලපැවැත්වෙන්නේ වැඩිහිටියන්ටයි.

ඔස්ට්‍රියානු වැසියන්ගෙන් සියයට 72 ක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති පසුබිමකත් මෙම එන්නත්කරණය සම්බන්ධයෙන් මෙවැනි දැඩි තීරණයක් ගැනීම විශේෂත්වයක්. එන්නත්කරණය සම්පූර්ණ කිරීමේ වැඩසටහන ලබන ජනවාරි තෙක් ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් ඔස්ට්‍රියානු රජය වැය කිරීමට අපේක්ෂිත මුදල යුරෝ බිලියන 1 යි දශම 4 ක්.