Tuesday, April 16, 2024

General line - 0115112241

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 254 කට සීමා වෙයි




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 03 වන එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුළු 09 කට ලකුණු 254 ක් රැස් කළා. 

පැතුම් නිස්සංක ලකුණු 55 යි. චරිත් අසලංක ලකුණු 52 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක්ද, චාමික කරුණාරත්න ලකුණු 30 ක් රැස් කළ ද, සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. 

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 1 ට 1 ක් මේවනවිට කණ්ඩායම් 02 ම සම තත්ත්වයේ පසුවනවා. අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවනවා. 

මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් වැදගත් වන්නේ එළඹෙන එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය ප්‍රසාද ලකුණු රැස්කර ගැනීමට ඒ හරහා අවස්ථාව පැවතීමයි.