Saturday, April 20, 2024

General line - 0115112241

ක්‍රිකට් පොඩ්ඩන් යොවුන් ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට




වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වී තිබෙනවා. 

ඒ, ශාන්ත කිට්ස්හිදී සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 03කින් ජයගැනීමත් සමගින්. 

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 09ක් දැවී ලකුණු 250ක් රැස් කළා. පිළීතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා 19න් පහල ශ්‍රී ලංකා කණ්ඩායම පාන්දුවාර 48යි පන්දු 02කදී කඩුලු 07ක් දැවී එම ඉලක්කය පසු කළා. සදීශ රාජපක්ෂ හතරේ පහර 05ක් සමගින් එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 76ක්. 

අන්ජල බණ්ඩාර ලකුණු 40ක් රැස් කළ සිටියදී දැවී ගියා. ඒ අනුව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඩී ඛාණ්ඩයෙන් පැවති ස්කොට්ලන්ත, ඕස්ටේ්‍රලියා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග පැවති තරග තුනේම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. 
මේ අතර සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම  ඊයේ හිමිකර ගත්තා.  

ඒ, පල්ලකැලේ පැවති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයද සිම්බාබ්වේ කණ්ඩායම පරදා ලකුණු 184ක දැවැන්ත ජයක් හිමිකර ගනිමින්. 

එම තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කර ගැනීම සම්බන්ධයෙන් නායක දසුන් ශානක මෙලෙස අදහස් පළ කළා. 

එම තරගාවලියෙන් ලැබූ අත්දැකීම් සම්බන්ධයෙන්ද දසුන් ශානක අදහස් දැක්වුයේ මෙලෙසයි.