Friday, March 29, 2024

General line - 0115112241

මහා සංඝරත්නය හමුවේ ජනපති දුන් පොරොන්දුව




සිංහල බෞද්ධ උරුමය කොවිඩ් බාධක හමුවේ වුවද රැකගනිමින් බහුතර ජනතාවගේ අපේක්‍ෂාව ඉටු කළාක් මෙන් එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. 

12 වන වරට රැස්වූ බෞද්ධ උපදේශක සභාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. අණපනත්, කතිකා සම්මත කර ගැනීමට මහා සංඝරත්නයේ මග පෙන්වීම් අපේක්‍ෂා කරන බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ.

එම අවස්ථාවට වැඩම කර සිටි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්මි හිමියන් ප්‍රකාශ කළේ අභියෝගාත්මක ඉකුත් වසරේ දෙක තුළද පැවති ගැටළුවලට ජනාධිපතිවරයා නිසි විසදුම් ලබාදුන් බවයි.

අස්ගිරි පාර්ශයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්ද එහිදී අදහස් පළ කළා.

මුහුදු මහා විහාරය ප්‍රතිනිර්මාණය කිරීම සදහා නෙත් එෆ් එම් රේඩියෝවද ඉකුත් කාලය පුරා පුරෝගාමී මෙහෙවරක නිරත වුණා. කූරගල අසදිස ශාක්‍ය සුගත මහා සෑයේ පුජා වස්තු තැන්පත් කිරීමේ පූණ්‍ය මංගල්‍යයට සමගාමීව නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ තථාගතාදී වන්දනා පිංකම් මාලාව ඉකුත්දා පැවැත්වුණේ එෛතිහාසික කූරගල පිං බිමේදීයි.