Friday, March 29, 2024

General line - 0115112241

ඩොලර් නොමැතිවීමෙන් රට අසරණවී නොමැති බව විදේශ ඇමති කියයි

හේරත් ඒකනායක - මහනුවර




ඩොලර් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අසරණ තත්ත්වයට පත්ව නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඕනෑම අවස්ථාවක ගත හැකි වුවත් එය එකම විකල්පය නොවන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. 

මෙරට විදේශ සංචිතය ශක්තිමත් කිරීම සදහා ඉන්දියාවෙන් ඉදිරියේදී අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 5 ක්  ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මෙම අදහස් පළ කළා.