Friday, April 26, 2024

General line - 0115112241

හානි වූ වගාවන්ට වන්දි ලබාදීම කැබිනට් මණ්ඩලයට

කමල් සුරවීර




ගොවීන් සදහා ලබාදෙන වන්දි මුදල සම්බන්ධයෙන් එළඹෙන අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. කෙසේ වෙතත් මේ වනවිට අනාවරණ වී ඇත්තේ සමස්ත රටේම අස්වැන්න අඩුවී ඇත්තේ සියයට 25 ත් 30 ත් අතර පමණක් බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

සහල් ආනයනය සිදුකළ  ද වී මිලදී ගැනීමේ දී ගොවියාට කිසිදු අසාධාරණයක් සිදු නොකරන බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.