Friday, March 29, 2024

General line - 0115112241

වී වගා කළ නොහැකි ඉඩම්වල මුං වගාවට රජයේ සහය




වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සඳහා සහාය වීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළා.

 ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණයට එළඹ ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

වාරි පහසුකම් ප්‍රමාණවත් නොවීම මත යල කන්නයේ වී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීම සඳහා ගොවීන්ට මූල්‍ය සහනාධාරයක් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.