Tuesday, April 23, 2024

General line - 0115112241

දැවිතෙල් රැගත් නෞකා පමාවීමෙන් විදුලි අර්බුදය උග්‍ර අතට - හෙට සහ අනිද්දාත් විදුලිය කැපෙයි




හෙට සිය පැයක සහ අනිද්දා පැය 02 කට ආසන්න කාලයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. 

ඒ පිළිබඳ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට හෙට දිනයේ ලබාදෙන බවයි එම සංගමය අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ. 

එම සංගමයේ සම ලේකම් ධම්මික විමලරත්න එහිදී සඳහන් කළේ ලැබී ඇති තොරතුරු අනුව  දැවිතෙල් රැගත් කිසිඳු නෞකාවක් මෙම කාලසීමාවේදී දිවයිනට ලගා නොවනු ඇති බවයි.  

වර්ෂාව නොමැතිවීමෙන් ජල විදුලිබලාගාරවල විදුලි උත්පාදනයට ද ඉදිරියේදී බාධා එල්ල විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එසේ වුවහොත් මාර්තු මාසය අගවනවිට මෙරට විදුලි අර්බුදය තවත් තීව්‍ර වනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමයේ සම ලේකම් ධම්මික විමලරත්න වැඩිදුරටත් පැවසුවේ. 

කෙසේවෙතත් අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට උත්සහ දරන බවයි.