Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් "කොන්දේසි විරහිත ආදරයට" ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ “ඩයලොග් සමග කොන්දේසි විරහිත ආදරය” සෞන්දර්යාත්මක ප්‍රසංගය ඊයේ රාත්‍රියේ කොළඹ බිෂොප් විද්‍යාලිය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණා. ප්‍රසංගය නැරඹීමට පැමිණි ජනතාවගෙන් ඒ සඳහා හිමිවුණේ ඉහළ ප්‍රතිචාරයක්.

“ඩයලොග් සමග කොන්දේසි විරහිත ආදරය” සෞන්දර්යාත්මක ප්‍රසංගයට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදුන්නේ ඩයලොග් සමාගමයි. රිට්ස්බරි සහ විෂන් කෙයා මෙම ප්‍රසංගය සඳහා සම අනුග්‍රාහකත්වය ලබා දුන්නා.