Thursday, March 28, 2024

General line - 0115112241

රයිගම් ටෙලීස් - 2020/2021ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය




17 වැනි රයිගම් ටෙලීස් උත්සවයේ  ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ප්‍රවීන රංගනටේදී රවින්ද්‍ර රන්දෙනිය  මැතිතුමාගේ හා ප්‍රවීන රංගනවේදිනී ශ්‍රියානි   
අමරසේන මැතිනියගේ ප්‍රධානත්වයෙන් මාර්තතු 26 සවස කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ දී පැවැත්විය. 

17 වැනි  රයිගම් ටෙලීස් උළෙල තේමාව ”දෙවසරක රස“ යි මෙම උළෙලේ සහයෝගිතා හවුල්කරු හෙට දින එළිය කරන සම්පත් බැංකුවයි.

පිළිගැනීමේ දේශණය -  සම්පත් බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යඅධිකාරි ආයතනික බැංකු කටයුතු අයෝද්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය විසින් පැවැත්විය, 

මේ උළෙලේ සම්මානලාභීන් හා සම්මාන සඳහා නිර්දේශලාභීන් සියළු දෙනාම වෙත රු. මිලියනය බැගින්වූ ජීවිත රක්ෂණ ආවරණයක් සමඟ රු.100,000 බැගින්වූ රෝහල් ගාස්තු රක්ෂණ ආවරණයක් ඉතා සෙනෙහසින් තිළිණ කරන්නේ අලියාන්ස් රක්ෂණ සමාගම.

17 වන රයිගම් ටෙලීස් උළෙලේ - තාක්ෂණික දායකත්වය ඉමැජින් එන්ටර්ටේන්මන්ට්.  ආර්යා Plus සමග මෙවර උළෙල හැඩ කරන සෙසු හවුල්කරුවන්  වන්නේ  Stone & String  සහ  Salon Nayana

අදියර 7 ක් යටතේ සම්මාන 2020 වසරට 47 ක් සහ 2021 වසරට 57 ක් ලෙස පිරිනමන ලදී වසර දෙක සදහාම සහතික ඇතුලුව 108 ක් පිරිනමන ලදී

මෙහිදී මියගිය කලාකරුවන් වෙනුවෙන් ඔවුන් සිහිපත් කරනුවස් දැල්වූ පහන් - රෝහණ වීරසිංහ/ වින්ඩි ගුණතිලක ගායනා කරනු ලැබීය

සුනිල් පෙරේරා මහතා සිහිවීම වෙනුවෙන් පියල් පෙරේරා ඇතුළු  පිරිස ලොවේ සැමා ගීය ගායනා කලා. ලතා මංගේෂ්කාර් උපහාර ගීතයක්ද ගායනා කලා .

හැමදාම අලුත්වන රයිගම් ටෙලීස් මේ වසරේදී නවතම සම්මාන කුලකයක් හඳුන්වා දුන්නා. ඒ  / වසරේ වඩාත් ජනගත රූපවාහිනී මාධ්ය වැඩසටහන/ ටෙලි නාට්‍ය හා ප්‍රවෘත්ති විකාශය/ පුළුල් ජනතා සමීක්ෂණයක් ඔස්සේ  හඳුනාගෙන ඇගයීමට ලක් කිරීම සඳහා.  

මේ සම්මාන කුලකය ලංකාවේ ටෙලි හෝ සිනමා සංස්කෘතියට අලුතින්ම එකතුවන අංගයක්. සැබෑවටම ප්‍රක්ෂක ජනතාව සොයා ගොස් වැඩිම පිරිසක් නරඹන රූපවාහිනී වැඩසටහන් සමුච්ඡය අපි හොයා ගත්තා.

 ඒ සඳහා දිවයින පුරා විහිදුනු රයිගම් විකුණුම් ජාලයේ නිලධාරීන් ලබාදුන් දායකත්වය ස්තුති පූර්වකව සිහිපත් කරනවා. ටෙලි හෝ සිනමා ක්‍ෂේත්‍රය සඳහා මෙවැනි පුළුල් ජනතා සමීක්ෂණයක් සිදුකළ ප්රථම අවස්ථාව හැටියට මෙය වාර්තාගත වෙනවා.  

වඩාත් ජනගත රූපවාහිනී වැඩසටහන් තෝරා ගැනීම පිළිගත් විද්‍යාත්මක පදනමකට සිදුවිය යුතු නිසා ඒ භාරදුර වගකීම විශේෂ කමිටුවකට පැවරුවා.

 ඒ කමිටුවේ ප්‍රධානත්වය  දැරුවේ ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිටින වඩාත්ම සුදුසු  විද්වතා, ඒ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මැතිතුමා.

සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා ප්‍රජා විද්යාවේදය පිළිබඳව ශ්‍රී  ලංකාවේ සිටින ජේ්යෂ්ඨතම මහාචාර්යවරයා. වසර 40 කට අධික කාලයක් කොළඹ විශ්ව විද්යාලයට තම බුද්ධිමය දායකත්වය ලබාදුන් එතුමා කාලයක් එහි උපකුලපති ධුරයේද කටයුතු කලා. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ඔහු ජාත්‍යන්තර  කීර්තියට ද පත් විද්වතෙක්. එතුමාටත් අපේ ගෞරවනීය ස්තුතිය.