Friday, April 26, 2024

General line - 0115112241

බස්නාහිරට සහ දකුණට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි




බස්නාහිර සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. 

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.