Thursday, April 18, 2024

General line - 0115112241

රටේ අර්බුදයන්ට විසඳුමක් දීමට දේශපාලඥයෙකු හෝ නායකයෙකු වගකීමක් නොගැනීම කණගාටුවට කරුණක් - විද්වතුන් පෙන්වා දෙයි



රට තුළ අර්බුදකාරී තත්ත්වයක් පැවතියද කිසිදු දේශපාලඥයෙකු හෝ නායකයෙකු වගකීමක් ලබාගනිමින් ප්‍රශ්ණයට විසදුමක් සෙවීමට මැදිහත් වන අයුරු තවමත් දැකගත නොහැකි වීම කණගාටුවට කරුණක් බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසනවා.

ඔහු කියා සිටියේ දේශපාලනඥයින්ගේ හා නායකයින්ගේ මේ මොහොතේ කැප කිරීම් සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බවයි.

ඕනෑම නරක කාලයක හොඳක් ඇති බවත්, මෙම අර්බුදයෙන් මිදීමට ද මාවතක් ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.