Friday, March 29, 2024

General line - 0115112241

යූනියන් ඇෂුවරන්ස් මෙරට වඩාත්ම ආදරය දිනූ රක්ෂණ සන්නාමයක් ලෙස නම්කෙරේ




යූනියන් ඇෂුවරන්ස් මෙරට වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ සන්නාම අතරට එක් වී සිටී. ව්‍යාපාරික සඟරාවක් වන LMD සහ, ලොව ප්‍රමුඛතම සන්නාම තක්සේරුකරණ සමාගමක් වන Brand Finance එක්ව සිදුකරන ලද සමීක්ෂණයක් මගින් මේ ආකාරයට යූනියන් ඇෂුවරන්ස් මෙරට වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ සන්නාම තුන අතරින් එකක් ලෙස නම්කර ඇත. මෙම සමීක්ෂණය, සන්නාම සම්බන්ධ වඩාත්ම විශ්වාසනීය හා අපක්ෂපාතී තක්සේරුකරණයක් ලෙස සැලකේ.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මහතා පැවසුවේ, මෙම ඇගයීම හිමිවීම පිළිබඳව තමන් අතිශයින් සතුටට හා ආඩම්බරයට පත්වන බවයි. “අපගේ සන්නාම ආචාරධර්ම ගොඩනැංවී ඇත්තේ, ගනුදෙනුකරුවන් සමග අප පවත්වාගෙන යන සමීප සම්බන්ධතාව පදනම් කරගෙනයි. එමෙන්ම පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන්ට අනුව අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට අප සෑම විටම පියවර ගන්නවා. 

ඩිජිටල් නවෝත්පාදනය සහ ඩිජිටල්කරණය යනු අප සෑම විටම ප්‍රමුඛත්වය ලබාදෙන අංශ දෙකක්. ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් හිමිකර දීම සඳහා නවීනතම ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම, යූනියන් ඇෂුවරන්ස් මෙරට වඩාත්ම ආදරය දිනූ රක්ෂණ සන්නාමයක් ලෙස ඇගයීමට ලක්වීමට එක් ප්‍රධානතම හේතුවක් වී තිබෙනවා.”  මහේන් ගුණරත්න මහතා වැඩිදුරටත් පැවසී ය.

“සන්නාමයක සැබෑ වටිනාකම තීරණය වන්නේ එය ගනුදෙනුකරුවන්ට දැනෙන ආකාරය මතයි. සන්නාමය මගින් ඔවුන්ට හිමිවන අත්දැකීම සහ එය ඔවුන්ගේ ජීවිත වලට බද්ධ වන ආකාරය මෙහිදී අතිශයින් වැදගත්. ගනුදෙනුකරුවන්ගේ හදවත් වලට සමීප වෙමින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට හැකි නම්, සන්නාමයකට ඔවුන්ගේ ආදරය දිනාගැනීමට හැකියාව ලැබෙනවා. සන්නාමයක් සැබැවින්ම සාර්ථක වන්නේ එවිටයි. ශ්‍රී ලාංකික සිහිනය සැබෑ කරමින්, ගනුදෙනුකරුවන්ට වඩාත් තෘප්තිමත් ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දීම මුල්කරගෙන අපගේ සන්නාම ප්‍රතිඥාව නිර්මාණය වී තිබෙන්නේ ඒ නිසයි.” මහේන් ගුණරත්න මහතා පෙන්වා දුන්නේ ය.

නව්‍යකරණය මුල්කරගත් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ඩිජිටල් ක්‍රමෝපාය, එහි පාරිභෝගික සේවාව විශිෂ්ට මට්ටමක පැවතීමට එක් ප්‍රධානතම හේතුවක් වී ඇත. Clicklife App වැනි නවෝත්පාදනයන් මේ සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර තිබේ. පුරෝගාමී හඳුන්වාදීමක් වූ Clicklife App, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය පෙරළියකට ලක්කිරීමට සමත් විය. මෙමගින් ගනුදෙනුකරුවන්ට ඕනෑම ස්ථානයක සිට තම රක්ෂණ සම්බන්ධ කටයුතු කළමනාකරණය කරගැනීමට අවස්ථාව ලැබී තිබේ. 

මෙම ජංගම යෙදවුම ඔස්සේ රක්ෂණ මිලදී ගැනීම සහ හිමිකම් මුදල් ඉල්ලීම් ඉදිරිපත් කිරීම ඇතුළු සේවාවන් රාශියක් ලබාගත හැකි අතර, සෞඛ්‍යය හා ජීවන රටාවන් සම්බන්ධ විශේෂ දීමනා ඇතුළු ප්‍රතිලාභ රාශියක්ද පිරිනමයි. Clicklife App ඔස්සේ ශරීර සුවතාව සම්බන්ධ විවිධ ඉලක්ක සපුරා ගනිමින්, ඒ වෙනුවෙන් ත්‍යාග හිමිකර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලැබෙන අතර, Lifestyle Bonus ප්‍රවර්ධන වැඩසටහන මගින් නව ගනුදෙනුකරුවන්ට සෑම වසරකදීම ආකර්ෂණීය ත්‍යාග හිමි වේ. මේ ආකාරයට ප්‍රධාන සේවාවන්ට අමතරව විවිධාකාර දීමනා හා ප්‍රතිලාභද එකම සේවා මාධ්‍යයක් තුළින් ලබාගත හැකි වීම, ගනුදෙනුකරුවන් යූනියන් ඇෂුවරන්ස් සන්නාමය වෙත වැඩි වැඩියෙන් ආකර්ෂණය වීමට තවත් හේතුවක් වී ඇත.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමෙන් අරමුණින් නවතම ආකාරයේ රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දීමටද යූනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කර තිබේ. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් ජනතාව තම සෞඛ්‍යය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට පෙළඹුණු පසුබිමක් තුළ හඳුන්වා දුන් Health 360 රක්ෂණ විසඳුම් මේ සඳහා කදිම උදාහරණයකි.  

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2021 දෙසැම්බර් මාසය වන විට රු. බිලියන 17.3 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.8 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 228% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.