Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ බංග්ලාදේශය පසු බසී




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මීර්පූර්හිදී අද ආරම්භ වුණා. කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව හැට හයක්.

නොදැවී කඩුල්ලේ රැදී සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 22ක් ලබා සිටි අතර ලිටන් දාස් නොදැවී ලකුණු 26ක් ලබා සිටියා. බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ මහමුදුල් හසන් සහ තමීම් ඉක්බාල් මෙන්ම ශකීබ් අල් හසන් ද ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්. පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 16කට කඩුළු 03ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු ලකුණු 26කට කඩුළු දෙකක් දවා ගත්තා.