Saturday, April 20, 2024

General line - 0115112241

පකිස්තානයේ අලුත් ආණ්ඩුවත් ෆේල්




ඉම්රාන් ඛාන් පරාජය කර පකිස්තානයේ ස්ථාපිත කළ ෂබ්බාස් ෂෙරීෆ් අගමැති ධුරය දරන සභාග ආණ්ඩුවද දිනෙන් දින අසාර්ථක වෙමින් යන බව වාර්තාවනවා.

 ගණපූරණය නොමැතිකම හේතුවෙන් මෙම සභාග ආණ්ඩුවට පසුගියදා පාකිස්ථාන ජාතික සභාවේ පළමු රැස්වීම පවා පවත්වා ගැනීමට නොහැකි වූ බවයි එරට වාර්තා සදහන් කළේ.

රැස්වීම අතරතුර, මන්ත්‍රීවරුන් 342 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට පැමිණ සිටියේ ෆෙඩරල් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයින් 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් පමණ බව එම වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළා.  

වැඩබලන කථානායක සහිඩ් අක්‍රම් දුරරානි පෞද්ගලික මන්ත්‍රී දිනයේදී කරුණු 182ක් සහිත න්‍යාය පත්‍රය භාර නොගෙන විනාඩි පහකට පසු සභාව කල් තැබූ බව ඩෝන් පුවත්පත වාර්තා කළා.

මේ අතර එරට ආර්ථික තත්වය ද දිනෙන් දින පිරිහෙමින් ඇති බවත් , රටේ ‍විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ සති දෙකක කාලයකට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණක් බවත් එරට වාර්තාවල වැඩිදුරටත් සදහන්.