Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිලෙන් සාර්ථක ආරම්භයක්




බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඬුලු 02 ක් දැවී ලකුණු 143 ක් රැස් කරගෙන සිටියා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු 365 ට පිළිතුරු ලෙසයි. 

අද දිනය නිමාවන විට නොදැවී කඬුල්ලේ රැඳී සිටි නායක දිමුත් කරුණාරත්න ලකුණු 70 ක් ලබා සිටි අතර කසුන් රාජිත ලකුණු නොලබා නොදැවී කඬුල්ලේ රැඳී සිටියා. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 57 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස්ට ලබාගත හැකි වුණේ ලකුණු 11 ක් පමණයි. 

බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් මුෂ්පික රහීම් නොදැවී ලකුණු 175 ක් රැස් කළා. පන්දු 355 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 21 ක් ඇතුලත් වුණා. ලිටන් දාස් ලකුණු 141 යි. පන්දු 246කට මුහුණදුන් ඔහු හතරේ පහර 16 ක් සහ එක් හයේ පහරක් සිය ඉනිමට ඇතුලත් කළා. 

පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 64 කට කඬුලු 05 ක් දවාගත් අතර අසන්ත ප්‍රනාන්දු ලකුණු 93 කට කඬුලු 04 ක් දවා ගත්තා.