Thursday, March 28, 2024

General line - 0115112241

ගෑස් නෞකාවක් අද දිවයිනට - දින හයකින් ලාෆ් ගෑසුත් එයි




ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි. තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය ඇතුළත දිවයිනට ළගාවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම නෞකා දෙකෙන් දිවයිනට රැගෙන සමස්ත ගෑස් ප්‍රමාණය මෙට්ට්‍රික් 7,500 ක් බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. ඊට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදල මේ වනවිටත් ගෙවා අවසන්.  

මේ අතර අද දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළද පොළට නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම පැවසුවා. මේ හේතුවෙන් අද දිනයේද ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සදහා පෝලිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අද දිනයේ වෙළද පොළට නිකුත් නොකරන්නේ අඛණ්ඩව තුන්වන දිනයටයි. ඒ, හිස් ගෑස් සිලින්ඩර් හාර ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් රට තුළ පවතින පසුබිමක් තුළයි.

මේ අතර ඉදිරි දින 06 ක කාලය තුළ වෙළඳපොලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරිමට හැකියාව ලැබෙනු ඇතැයි ලාෆ් ගෑස් සමාගම පවසනවා. එහි සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය පැවසුවේ ණයවර ලිපි විවෘත කිරිමට හැකියාව ලැබී ඇති බවයි. ඉකුත් කාලය පුරාලාෆ් ගෑස් වෙළඳපොලට නිකුත් කෙරුණේ නැහැ.