Tuesday, June 28, 2022

General line - 0115112241

පෙට්‍රල් බෙදීම සාමාන්‍ය අතට - ඩීසල් ප්‍රමාදයි

509Views



 

අද දිනයේ පෙට්‍රල් බෙදාහැරීම උපරිමයෙන් සිදුවුවද ඩීසල් බෙදා හැරීමේ කටයුතුවල අඩුවක් පවතින බව ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා පැවසුවේ මේ වන විට පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 90,000 ක තොගයක් මෙරට තුළ ඇති බවට සඳහන් කර ඇති බවයි. එම පෙට්‍රල් තොගය දින 20 කට පමණ ප්‍රමාණවත් වන බවද ඔහු කියා සිටියා.

නිසි කළමනාකරණයකින් තොරව ඉන්ධන බෙදා හැරීම, ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවීමට හේතුවී ඇති බවයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව නෙත් නිවුස් නිවුස් වෙත වාර්තා වුණා. ඉන්ධන සදහා ඉල්ලුම ඉහළ යාම ඊට හේතුව බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කළේ. 

සාමාන්‍යයෙන් පෙට්‍රල් සදහා දෛනික අවශ්‍යතාව තිබුණේ මෙට්ට්‍රික් ටොන් 5,000 ක්. එහෙත් ඉකුත් දින කිහිපයේ දෛනිකව පෙට්‍රල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 8,000 ක්ව පැවති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පැවසුවේ.