Thursday, March 28, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍රන්ගේ නඩුවේ මූලික විරෝධතාවට පිළිතුරු ගොණු කිරීමට නීතිපතිවරයාට කල් දෙයි




හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා, පවත්වාගෙන යාමට නොහැකි බවට විත්ති දෙපාර්ශවය විසින් ගොනු කළ මූලික විරෝධතාව සඳහා පිළිතුරු ගොනු කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට ජුලි මස 04 වනදා දක්වා කල් ලබා දුන්නා. ඒ, එම නඩුව චම්පා ජානකී රාජරත්න සහ නාමල් බළල්ලේ යන මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.

2015 වසරේ ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර වෙන්දේසියේදී රජයට රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොණු කර ඇති නඩුව අධිචෝදනා පත්‍රය පවරා පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂේප කර සියලු විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කර තිබුණා.