Friday, March 29, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවට කඩුලු 04ක ජයක් : තරගාවලියේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති 05 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 04 ක තියුණු ජයක් අත්කර ගත්තා. ඒ, ශ්‍රී ලංකා පන්දු යවන්නන් දිගින් දිගටම ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට එල්ල කළ දැඩි පීඩනය හමුවේයි. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 160 ක් පමණයි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 38 යි පන්දු ක් අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 161 ක් රැස්කර ගනිමින් තරගය ජය ගත්තා. කෙසේවෙතත් ශ්‍රී ලංකා පිළ මෙම තරගාවලිය නිමා කළේ 3 ට 2 ක් ලෙස තරගාවලි ජයක් අත්කර ගනිමින්.

අද තරගයේ වීරයා සම්මානය චාමික කරුණාරත්නට හිමිවූ අතර එක්දින තරග 05 තුලදී ලකුණු 249ක් රැස් කර ගනු ලැබූ කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.