Friday, April 26, 2024

General line - 0115112241

රුසියාවෙන්, බෙලරූස් රාජ්‍යයට න්‍යෂ්ටික තෑග්ගක්




රුසියාව සිය සමීපතම අසල්වැසියා වන බෙලරූස් රාජ්‍යයට ප්‍රසිද්ධියේ න්‍යෂ්ටික බලය සපයමින් සිටිනවා. ඒ අනුව රුසියාව, බෙලරූස් රාජ්‍යයට මිසයිල පද්ධතියක් යැවීමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ බව නිවේදනය කර ඇත්තේ ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වීම විශේෂත්වයක්. 

ඒ අනුව ඉදිරියේදී න්‍යෂ්ටික බලය සහිත කෙටි දුර මිසයිල පද්ධතියක් සිය සමීපතම මිත්‍ර රාජ්‍යය වන බෙලරූස් වෙත යවන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. එලෙස රුසියාව විසින් බෙලරූස් වෙත ලබාදෙන්නේ “ස්කන්ඩර් එම්” වර්ගයේ අතිනවීන මිසයිල පද්ධතියත්. එමගින් බැලැස්ටික් හා කෲස් මිලයිල සාර්ථක ලෙස ඉලක්ක වෙත යොමු කළ හැකි බවයි පැවසෙන්නේ. “ස්කන්ඩර් එම්” වර්ගයේ මිසයිල පද්ධති රුසියානු හමුදාව විසින් 2020 වසරේ සිට භාවිත කරනු ලබනවා. 

මේ අතර බෙලරූස් ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් අනුව ඔවුන් සතු SU-25 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා, න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි පරිදි සකස් කර ගැනීමට සහය දක්වන බව ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබෙනවා. 
රුසියාවේ යුක්රේන ආක්‍රමණය හමුවේ රුසියානු හමුදාවට ප්‍රසිද්ධියේ සහය පළ කරන එක් පාර්ශවයක් වන්නේ බෙලරූස් රාජයයයි. ඒ අනුව යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් බෙලරූස් රාජ්‍යයට ද අවස්ථා කිහිපයකදී චෝදනා එල්ල වුණා.