Saturday, April 20, 2024

General line - 0115112241

03 වන ටෙස්ට් තරගයේ වැඩි වාසිය එංගලන්ත කණ්ඩායමට




සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා. තරගයේ සිව් වන දිනය නිමාවනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 183 ක් රැස්කරමින් සිටියා. 

ඔලී පෝප් නොදැවි ලකුණු 81 ක් රැස්කර ගෙන සිටි අතර ජෝ රූට් නොදැවී ලකුණු 55 ක් රැස්කර ගෙන සිටියා. එංගලන්ත කණ්ඩායමට මෙම තරගය ජයගැනීම සදහා දෙවන ඉනිමේදී ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 296 ක්. ඒ අනුව කඩුළු 8 ක් අතැතිව සිටින එංගලන්ත කණ්ඩායමට තරගය අවසන් දිනයේදී රැස්කිරිමට අවශ්‍ය වන්නේ ලකුණු 113 ක් පමණයි. 

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 329 ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 326 ක් රැස් කළා. එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 360 ක්. තරගය පැවැත්වෙන්නේ ලීඩ්ස්හිදීයි.