Saturday, April 20, 2024

General line - 0115112241

රුසියාවත් අමාරු තැනකට වැටෙයි




රුසියාව විදෙස් ණය ගෙවීම පැහැර හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව එලෙස විදෙස් ණය ගෙවීම පැහැර හැර ඇත්තේ වසර 100 කට පමණ පසුව වීම විශේෂත්වයක්. රුසියාව එලෙස ගෙවීම පැහැර හැර ඇති විදෙස් ණය මුදලේ අගය අමෙරිකානු ඩොලර් මිලියන 100 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බැදුම්කර හිමියන්ට සහ ආයෝජකයන් සදහා ගෙවිය යුතු ණය මුදලක් රුසියාව එලෙස පැහැර හැර ඇති බවද එම වාර්තාවල සදහන්.

රුසියාව මීට පෙර එම ණය මුදල ගෙවා දැමීමට සූදානමින් සිටියා. එහෙත් යුක්‍රේන ආක්‍රමණය හමුවේ බටහිර හා යුරෝපානු රටවල් රැසක් පැනවූ සම්බාධක හේතුවෙන් රුසියාවේ ණය හිමියන්වන පාර්ශවයන්ට සිය ණය මුදල් රුසියාවෙන් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාල සම්බාධක හමුවේ රුසියාවේ ප්‍රධාන ආදායම් මාර්ග වන ඉන්ධන හා ගෑස් අපනයනයට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. 

රන් අපනයනය ද රුසියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන අතර අමෙරිකාව ඇතුලු ලොව බලවත් රටවල් 4 ක් ඊයේ තීරණය කළේ රුසියාවෙන් සිදු කරන රන් ආනයනය තහනම් කිරීමටයි. ඒ අනුව රුසියාවට ඉදිරියේදී ආර්ථික වශයෙන් අර්බුද රැසකට මුහුන පෑමට සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කරනවා. කෙසේවෙතත් රුසියාව මීට පෙර විදෙස් ණය ගෙවීමක් පැහැර හැර ඇත්තේ 1918 වසරේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.