Friday, March 29, 2024

General line - 0115112241

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 210 කින් අඩුවන ලකුණු




ගෑස් මිල සංශෝධනය හෙට පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ඒ අනුව හෙට දිනයේදී රුපියල් 200 කට වැඩි සංඛ්‍යාවකින් ලිට්‍රෝ ගෑස් මිල පහළ යනු ඇති බවයි. 

වසර දෙකහමාරකට පමණ පසුව ලිට්‍රෝ සමාගම යළිත් ලාභ ලබන සමාගමක් බවට පත්වෙමින් ඇතැයි ද එහි සභාපති මුදිත පීිරිස් සඳහන් කළා. 

හෙට සිදු කිරීමට නියමිත මිල සංශෝධනයේදී කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 210 කින් පමණද, කිලෝ ග්‍රෑම් 5 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 84 කින් ද, කිලෝ ග්‍රෑම් 02 යි දශම 03 වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38 කින් ද, කිලෝ ග්‍රෑම් 37 යි දශම 5 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 630 කින්ද අඩු කෙරෙනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.