වාජිකරණයක් පානය කොට 11 හැවිරිදි සාමනේර හිමිනමකට කොසු මිටි වලින් පහරදී බිය ගන්වා බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ සිද්ධියකට විහාරාධිපති හිමිනමකට සහ එම හිමිනමගේ සහෝදරයාට එරෙහිව පවතින නඩුව ඔක්තෝබර් මස 29 දින යළි කැඳවීමට නියෝග කල හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුමින්දා ප්රශස්ති කරුණාරත්න මහත්මිය සැකකාර හිමිනම ජංගම දුරකථනයෙන් බලපෑම් කරමින් සාමනේර හිමිනම වැරදි ක්‍රියාවකට පොළඹවා ගැනීමට තැත් කරන බව පැවසෙන හඬපට සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයා පවත්වා ඇති විමර්ශනයේ වාර්තාව අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙසට පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට නියෝග කර තිබෙනවා. වින්දිත සාමනේර හිමිනම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවත්වා ඇති වෛද්‍ය පරික්ෂණයේ අධිකරණ වෛද්‍ය වාර්තාව ද අධිකරණයට කැඳවීමටද නියෝග කෙරිණ. මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යලි කැඳවූ අවස්ථාවේදී වන අතර මෙම නඩුවට අදාළව දැනට ඇප මත මුදා හැර සිටින මැදිරිගිරිය විජයපුර ශ්‍රි විජයාරාම ආනන්ද නිකේතන පරිවෙන් විහාස්ථානයේ විහාරාධිකාරි සිරිකදුයායේ විපස්සි නැමති 35 හැවිරිදි හිමිනමක සහ එම හිමිනමගේ රියදුරා ලෙස සේවය කරන බකමූණ කොට්ටපිටිය සිරිකදුයාය අංක 28/සී/ 503 ලිපිනයේ පදිංචි 26 හැවිරිදි සංජීව ගයාන් යන සැකකරුවන්ය. දෙවන සැකකාර සංජීව ගයාන් නැමැත්තා පළමු සැකකාර හිමිනමගේ සහෝදරයෙකි. ඔවුන් මීට පෙර මසකට අධික කාලයක් රිමාන්ඩ් කර සිටි අතර පසුව ඇප මත මුදා හැර තිබෙනවා. මෙම අපරාධය සම්බන්ධයෙන් පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිය මූලික කරුණු දැක්වීම්වලදී කියා සිටියේ පැමිණිලිකාර 11 හැවිරිදි හිමිනම මැදිරිගිරිය විජයපුර ශ්‍රි විජයාරාම ආනන්ද නිකේතන පිරිවෙන් විහරස්ථානයේ වැඩ සිට ඇති බවත් එහි සිටින අතරතුර සැකකාර විහාරාධිකාරි හිමිනම සහ එම හිමිනමගේ රියදුරා ලෙස සේවය කරන සහෝදරයා සාමනේර හිමියන්ට බරපතල ලෙස ලිංගික වද හිංසා පමුණුවා ඇති බවත් පහරදීම් සිදු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වූ බවයි. සැකකාර හිමිනම වාජිකරණයක් පානය කොට මෙම අපරාධය සිදු කර ඇති බව පැමිණිලිකාර සාමනේර හිමිනමගේ ප්‍රකාශ මගින් අනාවරණ වන බවද පොලිසිය විසින් අධිකරණයට කරුණු දන්වා තිබෙනවා. මෙම අපරාධයට අදාළ විමර්ශන මීගස්වැව පොලිසිය නිසි පරිදි සිදු නොකිරීම හේතුවෙන් සියළු විමර්ශන පොළොන්නරුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය යටතට පත් කර ඇත. ඒ එවකට උතුරු මැද දිශාව බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම වත්මන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නියෝගයකට අනුවය. සැකකරුවන්ගේ ලිංගික හිංසන විදදරා ගැනීමට නොහැකිව දැඩි මානසික කම්පනයට පත් වූ පැමිණිළිකාර සාමනේර හිමිනම පැවිදි දිවිය අතහැර ගොස් තිබෙනවා. පැමිණිල්ල වෙනුවෙන් පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සමිතා ජයසේකර මහත්මියගේ උපදෙස් මත නීතිඥවරියක පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රනිල් වීරසේකර මහතා පෙනී සිට තිබෙනවා.
Published