අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මෙක්සිකෝවට බලපෑ ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එරට බලධාරීන් පවසනවා.
අයහපත් කාලගුණයෙන් මෙක්සිකෝවේ ප්‍රාන්ත 05කට බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන් පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔවුන්ට සහන සැලසීම සඳහා සහ හානියට පත් ගොඩනැගිලි යළි ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 580ක සහන පැකේජයක් අනුමත කළ බවයි මෙක්සිකානු රජය පවසන්නේ.