Published
මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන 'බැකෝ සමන්' නැමැත්තාගේ මව බවයි වාර්තා වන්නේ.
සිදුවීමට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙනිය පොලීසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.




