2026 වසර සඳහා වන අයවැය එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම එළඹෙන නොවැම්බර් මාසයේදී සිදු කිරීමටත්, තෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිදු කිරීමටත් හැකිවන අයුරින් 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඊට අදාල යෝජනාව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.