කාසල්රි ජලාශයේ වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවටයි වාරිමාර්ග ඉංජිනේරුවන් පවසන්නේ.

මේ අතර නෝර්ට්න්බි්‍රජ් ප්‍රදේශයේ සිදුවූ ආපදා හේතුවෙන් යුද හමුදා සාමාජිකයින් 04 දෙනෙකු අතුරුදන්ව ඇති බවද වාර්තා වනවා.

හසළක යාන්ගල් කන්ද නාය ගොස් තිබෙනවා.

මේ වන විට ජීවිතක්‍ෂයට පත්වූ පුද්ගලයින් 07 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

නායයෑම වන අවස්ථාවේ අවට නිවෙස්වල පුද්ගලයින් 28 දෙනෙකු රැඳී සිට ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර හුන්නස්ගිරිය බඹරකන්දද නාය ගොස් ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

කටුගස්තොට - කුරුණෑගල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථයක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

පොලීසිය සහ හමුදා සාමාජිකයින් එක්ව අදාළ ස්ථානයේ පවතින අවහිරතා ඉවත් කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර මල්වතුඔය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

මඩු පොලිස් වසමේ ජල ගැලීම් හේතුවෙන් තිදෙනෙකු වහලයක් මත සිරවී සිටින බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. ඔවුන් බේරා ගැනීම සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව කටයුතු කරමින් සිටිනවා.