එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සියයට 8 යි දශම 7 යි 5ක් දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමටයි ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත්තේ.

ඒ, ඊයේ පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදීයි.

දේශීය හා ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් සහ ඉදිරියේ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ මැනවින් සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවා.

පසුගිය මාර්තු මාසය තුළ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7යි දශම 7යි 5ක් ලෙස පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබුණා.

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ දැමීම හරහා බැංකු පද්ධති තුළ පොලී අනුපාතය ඉහළ දැමුවද එය ආර්ථිකය සංකෝචනය කිරීමක් දක්වා ගමන් නොකරනු ඇතැයි ආර්ථික විද්වතුන් පවසනවා.