Published
රුපියල් පන් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 145 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු හබරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හබරණ නගරයේදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්‍ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 3 ක් පළමුව සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හබරණ සහ අනුරාධපුර ප්‍රදේශවලදී තවත් රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙක බැගින් සන්තකව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේදී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 138 ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, ස්කෑන් සහ මුද්‍රණ යන්ත්‍රයක් සමග අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් හබරණ, අනුරාධපුර සහ පෑදෑව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.