පවතින අධික වැසි හේතුවෙන් සිදුවූ ආපදාවලින් මිය ගිය පුද්ගලයින් ගණන 26 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 04 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
රට තුළ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම කරුණු අනාවරණ කළා.
වැසි සහිත අවස්ථාවලදී කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තැබීමට සිදු වන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
රට තුළ පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් ගත යුතු හදිසි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.
ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය, පොලීසිය සහ ආරක්ෂක අංශ ප්‍රධානීනගේ සහභාගීත්වයෙන්.
ආපදාවලට ලක්ව ඇති සියලුම දිස්ත්‍රික්කවල පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට එම සාකච්ඡාව සඳහා සහභාගී වන ලෙසයි පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් දැනුම් දී තිබුණේ.
රට තුළ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාද එහිදී අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කළා.
මේ අතර රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 31ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.
අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක පුද්ගලයින් 4,000කට වැඩි පිරිසක් ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව සිටින බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.




