විගමණික ශ්‍රමික ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නව ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. ඒ අනුව මෙහෙවර පියස ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කර්යංශයේ අංශ 11ක් සිමන්ත්‍රා ගොඩනැගිලි පරිශ්‍රය වෙත රැගෙන ගිය බවයි එම කාර්යංශය පැවසුවේ. ඒ අනුව, එම අංශ ප්‍රධාන කාර්යාලයට ආසන්නයේ, බත්තරමුල්ල, ගනහේන, අංක 465 දරණ ස්ථානයේ එනම් සිමන්ත්‍රා ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. නව ස්ථානයෙන් සේවා ලබා ගැනිමේදී විගමනික ප්‍රජාවට ප්‍රධාන කාර්යාලය හා කඩිනමින් සම්බන්ධ විමට හැකි වීම විශේෂත්වයක්. ඒ අනුව, සුබසාධන අංශය, ප්‍රත්‍යානුකලන අංශය, විදේශ සබඳතා II අංශය සහ ව්‍යාපාර ගැටළු නිරාකරණය කිරිමේ ඒකකය එලෙස සිමන්ත්‍රා ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. එමෙන්ම ආයතනික හා කර්මාන්ත පුහුණු අංශය, පර්යේෂණ අංශය, අලෙවිකරණ අංශය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමාජ සංවර්ධන, ජ්‍යේෂ්ඨ කළමනාකරු සමාජ සංවර්ධන සහ IM Japan ඒකකයද එලෙස සිමන්ත්‍රා ගොඩනැගිල්ලේ ස්ථාපිත කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Published