2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඔක්තෝම්බර් මස 09 වනදා දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි.
පෞද්ගලික අයදුම්කරුවන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කළ යුතු වනවා.
ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ආකාරය ද දැක්වෙන අදාළ නිවේදනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.
Published