ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු පසුගියදා ගම්පහ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. ගම්පහ, නිට්ටඹුව ප්‍රදේශයේ ලද තොරතුරකට අනුවයි ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ. සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක්, වාහන දෙකක් සහ ව්‍යාජ ලියකියවිලි කිහිපයක්ද සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත නිදහස් කර තිබෙනවා. සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වුණේ ඔහුට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තුවක් ඇති බවයි. ඒ අනුව එම විවෘත වරෙන්තුවට සහ තවත් වාහන වංචා සිද්ධීන් සම්බන්ධයෙන් ඔහු නැවත අත්අඩංගුවට ගැනීමටයි ගම්පහ පොලීසිය කටයුතු කර ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දිනයේදී අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.