හෝමාගම, පිටිපන දකුණ ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ පිහිටි ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මොරොන්තුඩුව, මහාලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි හෝමාගම පොලීසිය පැවසුවේ.

ඔහු යුද හමුදා සෙබළෙකු බවට අනාවරණ වී තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත ශරීරය ඥාතීන් වෙත භාරදුන් බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.